මේ ලිපිය ඔබට වැදගත් වේවි වෙබ් අඩවි නිර්මාණයේදී හෝ බ්ලොග් ඉඟි වලදී ඇතැම් අවස්ථාවල වර්ණ සම්බන්ධයෙන් ඇති කරුණු වලදී. වෙබ් අඩවි නිර්මාණයකදී වර්ණ භාවිතයේදී 147 ක් වූ වර්ණ ප්‍රමාණයක් සාමාන්‍ය නමින්ම භාවිතා කරන්න හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ අපිට හුරුපුරුදු රතු (red), නිල් (blue), කහ (yellow) වගේ වර්ණ විතරක් නෙමෙයි හිම වල වර්ණය(snow) එහෙමත් නැන්තම් අල ගෙඩියක තිබෙන වර්ණය (Tomato) වුනත් ඒ නමින්ම භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ කේතය බලන්න.
මෙහි රවුම් කර තිබෙන්නේ Hexadecimal ආකාරයෙන් වර්ණ යොදා ඇති ආකාරයයි. ඒත් ඔබට අවශ්‍ය නම් මේ සංකීර්ණ ක්‍රමය වෙනුවට ඔබ කැමති ඔබට හුරු වර්ණ ඔබ දන්නා නමින්ම දෙන්න පුළුවන්.
Example : #cc66cc වෙනුවට පහත වගුවේ දැක්වෙන වර්ණයක් වන Gainsboro කියන වර්ණයේ නම ඒ සැටියෙන්ම භාවිතා කරන්න පුළුවන්.
මෙන්න මේ කේතයේ ඒ සම්පූර්ණ වර්ණ සමූහය සහ ඒවාට අදාල නම, එහි නියම වර්ණය සහ Hexadecimal කේතය අඩංගුයි. අන්තර්ජාලයේ මේ සම්බන්ධයෙන් ඕනෑ තරම් තොරතුරු තිබුනත් මෙම වගුව ක්ෂනිකවම ඔබට පහසු ආකාරයෙන් භාවිතා කිරීමට ඉඩ සලසා දේවි.
https://developer.mozilla.org/en-US/docs/CSS/color_value
http://www.had2know.com/computers/html-css-color-names-chart.html
http://www.w3schools.com/tags/ref_colornames.asp
ඒ වගේම Visual Color Picker කියන මෙම කුඩා මෘදුකාංගය ආධාරයෙනුත් ඔබට කැමති ආකාරයේ වර්ණ තනා ගැනීමට හා එයට අදාල Hexadecimal සහ RGB කේතයන් ලබා ගැනීමට හැකියි. මෙන්න මේ සබැඳි වලින් ඔබට එය download කර ගැනීමට පුළුවන්.
http://www.linxexplorer.com/colorpicker.html
http://visual-color-picker.en.softonic.com/
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
Monday, September 24, 2012
Subscribe to:
Post Comments (Atom)








මම නම් ඔය කලර් එකක කෝඩ් එක බලාගන්න ඕන වුනාම පොටෝෂොප්වලින් තමා වැඩේ කරගන්නෙ.
ReplyDeleteVisual color picker ත් නරකම නැහැ...
Deleteවැදගත් ලිපියක්
ReplyDeleteස්තූතියි!
Deleteනියමයි.හොද ලිපියක්.
ReplyDeleteස්තූතියි!
Deleteනියමයි.
ReplyDeleteස්තූතියි!
Deleteමමත් ඔය Code හොයාගන්න මාර හෙවිලක් හොයනවා ඕන උනාම. එලම ලිපියක්.
ReplyDeleteස්තූතියි! ඉදිරියේදී තවත් වර්ණ හා සම්බන්ධ දෙයක් ලබා දෙන්නම්...
Deleteගොඩක් ස්තූතියි....වටිනා ලිපියක්
ReplyDeleteස්තූතියි!
DeleteDDT කිවා වගේ මාත් මේක Photoshop වලින් තමා හොයාගන්නේ......
ReplyDeleteහොද ලිපියක්..
ස්තූතියි!
Deleteමම කෝඩ් හොයාගන්නේ නෙට් එකෙන්ම තමා දැන් ඉතින් ඕෆ්ලයින් වුනත් පුළුවන් තෑන්ක්ස්
ReplyDeleteස්තූතියි!
Deleteපාට පිරුණු ලෝකයක්..... අමුතුම ආළෝකයක්.....
ReplyDeleteආචාර්ය ජයරත්නයානනි, මේ වර්ණ විජාතික සායම් කොම්පැනිකාරයන් විසින් සොරකම් කරගනීවිදවත්ද?
Delete